ෂාරුක්, කත‍්‍රිනා, අනුෂ්කා නමක් නැති චිත‍්‍රපටයක.
2012 අගෝස්තු 29 බදාදා- පෙරවරු 07:58
ෂාරුක් ඛාන්, කත‍්‍රිනා කයිෆ්, අනුෂ්කා ශර්මා මේ තුන්දෙනාම මේ දවස්වල වැඩ කරන්නේ නමක් නැති චිත‍්‍රපටයක. චිත‍්‍රපටය යෂ් චොප්රාගේ. සැප්තැම්බර් 27 වැනිදාට යෂ් චොප්රාට අවුරුදු 80ක්. එදාට තියෙන උපන් දින උත්සවයේදි මේ චිත‍්‍රපටයේ නම ප‍්‍රසිද්ධ කරන්නලූ හිතාගෙන ඉන්නේ. මේ චිත‍්‍රපටය නිසා ෂාරුක් ඛාන්ට කාශ්මීර දේශසීමාවටත් යන්න ලැබුණා. අවුරුදු 20ක නළු ජීවිතයේදී ඔහු පළ වෙනි වතාවට තමයි කාශ්මීරයේ රූගත කිරීමකට ගිහින් තියෙන්නේ. මේකත් ශුංගාරාත්මක චිත‍්‍රපටයක්. තව විස්තර ලැබුණ ගමන් අපි ඔබට කියන්නම්කෝ.
