තවත් විදුලි කප්පාදුවක්.
2012 අගෝස්තු 29 බදාදා- පස්වරු 06:46
නොරොච්චෝලේ තාප බලාගාරයේ දැනට අක‍්‍රියවී ඇති ට‍්‍රාන්ස්ෆෝමරය අලූත්වැඩියා කිරීම සඳහා තවත් දින 4 ක්වත් ගතවනු ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. එහි උප සභාපති අනුර විජයපාල සඳහන් කළේ විදුලිය යළි විසන්ධි කරනවාද නැද්ද යන තීරණය ඉන් අනතුරුව ගැනීමට බලාපොරොත්තු වන බවයි.
කෙසේ වෙතත් තවත් වසර 4 කින් මෙරට තුළ යළිත් විදුලිය විසන්ධි කිරීමට සිදුවනු ඇතැයි බලශක්ති විශේෂඥ තිලක් සියඹලාපිටිය පවසනවා. නොරොච්චෝලේ තාප විදුලිබලාගාරය පිළිබඳව හිරු ප‍්‍රවෘත්ති අංශය සමග පැවති සංවාදයක් අතරතුරයි ඔහු මෙම කරුණු අනාවරණය කළේ. මේ වනවිට ති‍්‍රිකුණාමලය, සාම්පූර් බලාගාරයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කළ යුතු වුවත් එම කටයුතු මේ දක්වා ආරම්භ කර නොතිබීම මීට හේතුව බවද ඔහු කියා සිටියා. නොරොච්චෝලේ තාප බලාගාරය පිළිබඳව අදහස් දක්වමිනුයි බලශක්ති විශේෂඥ තිලක් සියඹලාපිටිය සංවාදයට එක්වුණේ.
