රනිල් සහය දුන්නේ මෙහෙමයි. එස්.බී. කියයි.
2012 අගෝස්තු 29 බදාදා- පස්වරු 06:48
විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට සහය දැක්වූ ආකාරය පිළිබඳව පළාත් සභා මැතිවරණ වේදිකාවේ විවිධ අදහස් පළවනවා. මෙම තොරතුරු කරළියට පැමිණෙන්නේ ගාමිණී දිසානායක මහතාගේ ජනාධිපතිවරණ සටනේ තොරතුරු විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ පොදු පෙරමුණට ලබාදුන් බව අමාත්‍ය මෛත‍්‍රීපාල ප‍්‍රකාශ කිරීමත් සමගයි. විපක්ෂ නායකවරයා එලෙස සහය ලබාදුන් තවත් ආකාරයක් පිළිබඳව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක පොළොන්නරුවේ පැවති ජන හමුවකදී හෙළිදරව් කළා. ඔහු කියා සිටියේ 1994 ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ තම නිවෙසේ සේවකයන් දෙදෙනෙකුගේ ඡන්ද කාඞ්පත් මලික් සමරවික‍්‍රම සහය කරගනිමින් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය වෙත එවූ බවයි.
