අන්තරේ උද්ඝෝෂණයට කඳුළු ගෑස්.
අද ජනමතයෙන්
කාලගුණ විපර්යාසයෙන් සිදුවූ විනාශයේ වගකීම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේද?
 
13 ගැන වාමාශික සහ ජාතික මතය.


Sri Lanka Rupee Converter
Amount :
To :
Sri Lanka Rupee Exchange Rate (Rates in LKR)
Country Buying Selling
Australian Dollar 119.58 124.19
Singapore Dollar 99.32 102.77
Japanese Yen 1.24 1.29
British Pound 190.83 196.40
Swiss Franc 130.87 135.90
American Dollar 125.00 128.05
Euro 162.65 168.08
Indicative Rates
Norwegian Krone   21.76
Korean Won   0.11
Jordan Dinar   178.41
Maldive Island Rufiya   8.20
Bahrain Dinar   335.52
Kuwait Dinar   443.05
Oman Rial   328.55
Qatar Riyal   34.74
Saudi Arabia Riyal   33.73
UAE Dirham   34.44
Rates on 2013-06-19
අන්තරේ උද්ඝෝෂණයට කඳුළු ගෑස්.
2012 අගෝස්තු 29 බදාදා- පස්වරු 06:58

අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ ගැටළු විසඳන ලෙස ආණ්ඩුවට බල කරමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය කොළඹ - කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට අද උද්ඝෝෂණයක නිරතවුණා. දහවල් ආරම්භ වුණු උද්ඝෝෂණය පැය කිහිපයක් පැවති අතර දුම්රියපල ඉදිරිපිට මාර්ගය ඔස්සේ සිසුන් ඉදිරියට පැමිණිමට උත්සාහ කළ අවස්ථාවේදී පොලීසිය කඳුළු ගෑස් සහ ජල කදම්භ ප‍්‍රහාර එල්ල කර සිසුන් විසුරුවා හැරියා. එහෙත් නැවතත් විසිර ගිය සිසුන් යළි එක්වී දුම්රියපළ ඉදිරිපිටට පැමිණ පැය කිහිපයක් එම ස්ථානයේ රැඳී සිටියා. එම අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර.

                                            

මේ අතර විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සහ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය අතර විශේෂ සාකච්ඡාවක් කොළඹදී අද පැවැත්වුණා. සරසවි ආචාර්යවරුන් ඉල්ලීම්  හයක් මුල්කරගනිමින් ආරම්භ කර ඇති වැඩ වර්ජනයට තම පූර්ණ සහය පළ කරන බවයි ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ. ඞී. ලාල්කාන්ත එහිදී හිරු ප‍්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

                                          

සාකච්ඡාවට එක්වූ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි කියා සිටියේ ඉදිරියේදී තම ඉල්ලීම් ලබාගැනීම වෙනුවෙන් ඒකාබද්ධ වැඩපිළිවෙලකට යොමුවීමට තීරණය කළ බවයි.

                                               

උසස් පෙළ විභාගය සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ සිදුවූ විවිධ දෝෂ පිළිබඳව ගුරු සංගම් එල්ල කරන චෝදනාද තවමත් අවසන් වී නැහැ. අද පැවැත්වුණු නාට්‍ය හා රංග කලාව ප‍්‍රශ්න පත‍්‍රයේ පැවති දෝෂයක් පිළිබඳව මෙලෙස කරුණු පැහැදිළි කළේ ලංකා ගුරු සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහයි.

                                                    

මේ අතර ලංකා ගුරු සේවා සංගමය ඊයේ විභාග කොමසාරිස්වරයා වෙත ලිපියක් යොමු කරමින් පහ ශිෂ්‍යත්ව විභාගයේ ප‍්‍රශ්න පත‍්‍රය පෙර සාකච්ඡා වූ ස්ථාන 10 ක් පිළිබඳව සඳහන් කර තිබුණා. ඒ අතර පාසල් 8 ක් දක්වා තිබුණේ අනුරාධපුර - වාහල්කඩ, ඞී 2 විද්‍යාලයද ඇතුළත් කරමින්. එබැවින් ශිෂ්‍යත්වයට පෙනී සිටි දරුවන්ට සිදුවන අසාධාරණය සැළකිල්ලට ගෙන නැවත විභාගය පවත්වන ලෙස ලංකා ගුරු සේවා සංගමය විභාග කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටියා. එහෙත් අද හිරු ප‍්‍රවෘත්ති අංශය ඇමතූ අනුරාධපුර - වාහල්කඩ, ඞී 2 විද්‍යාලයේ විදුහල්පති ඩබ්ලිව්.ඒ.ඞී. කපිලරත්න ලංකා ගුරු සේවා සංගමය තම පාසල සම්බන්ධයෙන් සිදුකර ඇති ප‍්‍රකාශය අසත්‍ය බව අවධාරණය කළා. ඔහු කියා සිටියේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප‍්‍රශ්න පත‍්‍ර පිටවීමක් තම පාසලේ සිදු නොවුණු බවයි.

                                                      

අදාළ ප‍්‍රශ්න සාකච්ඡා කළ බව කියන අනුරාධපුර - වාහල්කඩ ඞී 2 විද්‍යාලයේ  පහ ශ්‍රේණියේ පන්ති භාර ආචාර්යවරයෙකු වන ආර්.පී. ජනක සංජීව ද ඒ පිළිබඳව සිය අදහස් පළ කළා.

                           

මේ පිළිබඳව හිරු ප‍්‍රවෘත්ති අංශය ලංකා ගුරුසේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහගෙන් යළි විමසීමක් කළා. ඔහු කියා සිටියේ අනුරාධපුර - වාහල්කඩ ඞී දෙක විද්‍යාලයේ එවැනි සිදුවීමක් සිදුවූ බවට විශ්වසනීය තොරතුරු තමන් සතු බවයි.

                                  

කෙසේ වෙතත් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප‍්‍රශ්න කලින් පිටවීම ගැන වහා පරීක්ෂණයක් පවත්වන්නැයි ඉල්ලා සිසුන් සහ දෙමාපියන් විසින් අද අනුරාධපුර නගරයේ උද්ඝෝෂණ ව්‍යාපාරයක්ද සංවිධානය කර තිබුණා. ඊට ලංකා ගුරුසේවා සංගමය සහ අනුරාධපුර අපි පුරවැසියෝ සංවිධානයේ සාමාජිකයන්ද එක්ව සිටි බවයි එම ස්ථානයට ගිය හිරු වාර්තාකරු ප‍්‍රකාශ කළේ.

මෙරට විභාග ක‍්‍රමය පිළිබඳ සිසුන්ට විශ්වාසයක් නැතිවන අයුරින් සිය දේශපාලන කටයුතු සිදු නොකරන්නැයි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සියලූ පාර්ශවවලින් අද ඉල්ලීමක් කළා. ඒ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඒ පිළිබඳ අදහස් දැක්වූ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම.

                                          




Bookmark and Share

Post Your Comment
Name
E-mail
Comment
Please type the characters you see in the picture.
 
Terms & Conditions
Please express your views and opinions responsibly on this forum. Note that any comments containing slander, vulgarism, derogatory statements or any foul or abusive language will be deleted. Comments posted contain the comment writer's personal opinion and do not necessarily reflect the views of hirunews.lk.
Readers' Comments - (0)