20 - 20 ට ජනපතිගෙන් සුබපැතුම්.
2012 අගෝස්තු 29 බදාදා- පස්වරු 07:26
විස්සයි - විස්ස ලෝක කුසලානයට සහභාගි වන ශ‍්‍රී ලංකා කණ්ඩායමට සුබ පැතීම සඳහා නිර්මාණය කර ඇති පන්දුවෙහි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද සිය අත්සන සටහන් කළා. අද දිනයේ ශ‍්‍රී ලංකාවට රැගෙන ආ විස්සයි - විස්ස ක‍්‍රිකට් ශූරතාවලියේ කුසලානයද ජනාධිපතිවරයාට පිළිගන්වනු ලැබුවා.
මේ අතර ශ‍්‍රී ලංකා ප‍්‍රිමියර් ලීග් තරඟාවලියේ දෙවන අවසන් පූර්ව තරඟය නැගෙනහිර නාගාස් සහ කඳුරට වොරියර්ස් කණ්ඩායම් අතර අද රාත‍්‍රී 8 ට කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිතයි. කෙසේ වෙතත් මේ වනවිට ක‍්‍රිඩාංගණය අවට ප‍්‍රදේශයට සහ කොළඹ නගරයට දැඩි වර්ෂාවක් ඇද හැලෙනවා.
