මුම්බායි සැකකරුට මරණ දඬුවම ස්ථිරයි.
2012 අගෝස්තු 29 බදාදා- පස්වරු 07:32
2008 වසරේ නොවැම්බර් 26 වැනිදා ඉන්දියාවේ මුම්බායි නුවරට එල්ලවූ ප‍්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි එකම සැකකරුගේ අභියාචනය යළි ප‍්‍රතික්ෂේප වී තිබෙනවා. 2010 වසරේදී මොහොමඞ් අජ්මාල් නැමති මෙම සැකකරුට මරණ දඩුවම නියම කෙරුණු අතර ඔහු ඉදිරිපත් කළ අභියාචනය ඉන්දීය අධිකරණයේදී යළි විභාගයට ගැනීමෙන් අනතුරුව නැවතත් මරණ දඬුවම ස්ථීර කෙරුණා. මුම්බායි ප‍්‍රහාරයෙන් 166 දෙනෙකු මියගිය අතර ප‍්‍රහාරකයන් 9 දෙනෙකුද ජීවිතක්‍ෂයට පත්වුණා. ඉතිරිවූ එකම සැකකරු වන මොහොමඞ් අජ්මාල් තවත් තුවක්කු කරුවෙකු සමග එක්වී ප‍්‍රහාරයේදී පුද්ගලයන් පනස් දෙදෙනෙකු ඝාතනය කළ බවටයි චෝදනා එල්ලවී ඇත්තේ.
