වී ගන්න ගබඩා හිස් කෙරේ.
2012 අගෝස්තු 30 බ්‍රහස්පතින්දා- පෙරවරු 08:05
මෙම කන්නයේ වී මිළදී ගැනීම සඳහා පොළොන්නරුව හා අම්පාර දිස්ත‍්‍රික්කයන් හි පිහිටා ඇති වී ගබඩාවල අවශ්‍ය පරිදි ඉඩ පහසුකම් ඇති බව සමූපකාර හා අභ්‍යණ්තර වෙලඳ කටයුතු අමාත්‍යාංශය පවසනවා. මේ වනවිටත් වී ගබඩා සියයට 90 ක් පමණ හිස් කිරීමට කටයුතු කර තිබෙනවා. සෑම වී ඇටයක්ම ගොවීන්ගෙන් මිලදී ගැනීමේ අරමුණින් මෙම පියවර ගෙන ගත් බවයි සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ. දැනට රජය විසින් වී මෙටි‍්‍රක් ටොන් දෙලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් මිලදී ගැනීමටද කටයුතු කර තිබෙනවා.
