දැල්පන්දු අවසන් තරගයට ශී‍්‍ර ලංකාව සුදුසුකම් ලබයි.
2012 අගෝස්තු 30 බ්‍රහස්පතින්දා- පස්වරු 07:39
08 වන ආසියානු දැල්පන්දු ශූරතා තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම අද සමත් වුණා. මලයාසියාව සමග අද (30) පැවති තරගය 67 ට 58 ක් ලෙස ජය ගනිමිනුයි ශී‍්‍ර ලංකාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේ. කොළඹ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගනයේ පැවති මෙම තරගයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායිකා තර්ජනී සිවලිංගම් කී‍්‍රඩිකාව ගෝල විදීමේදී දක්වන ලද සුවිශේෂී දක්ෂතාවය මෙහිදී කැපී පෙනුණා. ඇය සමස්ත තරගයේදී තමාට ලැබුණු ගෝල විදීම් 66 න් 65 ක්ම ගෝල බවට පත්කර ගැනීමට සමත් වුණා.
