ආසියානු දැල් පන්දු කාටද?
2012 අගෝස්තු 31 සිකුරාදා- පස්වරු 01:12
ආසියානු දැල් පන්දු තරගාවලියේ අවසන් මහා තරගය කොළඹ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගනයේදී අද පස්වරුවේ පැවැත්වෙනවා. අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා සිටින්නේ ශ‍්‍රී ලංකාව සහ සිංගප්පූරුවයි. ඊයේ (30) පැවති අවසන් පූර්ව තරගයේදී මලයාසියාව පරදවා ශ‍්‍රී ලංකාව අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබූ අතර සිංගප්පූරුව අවසන් තරගයට සුදුසුකම් ලැබූයේ හොංකොං පිල පරාජයට පත් කරමින්. අවසන් මහා තරගය අද පස්වරු 3.30 ට ආරම්භ වනු ඇති. ශ‍්‍රී ලංකාව සහ සිංගප්පූරුව ආසියානු දැල් පන්දු අවසන් මහා තරගයේදී මෙලෙස තරග වදින්නේ සිව් වන වතාවටයි.
