ශ‍්‍රී ලංකාවට ආසියානු දැල් පන්දු ශූරතාව අහිමි වේ.
2012 අගෝස්තු 31 සිකුරාදා- පස්වරු 04:57
ආසියානු ශූරතා දැල් පන්දු තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට සිංගප්පූරු කණ්ඩායම අද (31) සමත් වුණා. ඒ, ශී‍්‍ර ලංකා කණ්ඩායම ලකුණු 48 ට 47 ක් ලෙස පරාජයට පත් කරමින්. තරගය පැවැත්වුණේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගනයේදීයී. ඊයේ (30) පැවති අවසන් පූර්ව තරගයේදී මලයාසියාව පරදවා ශ‍්‍රී ලංකාව අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබූ අතර සිංගප්පූරුව අවසන් තරගයට සුදුසුකම් ලැබූයේ හොංකොං පිල පරාජයට පත් කරමින්. අද (31) පැවැති තරගය පිළිබද අදහස් දක්වන ශ‍්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායමේ පුහුණුකාරිනී හයිසින්ත් විජේසිංහ.
