තොරතුරු තාක්‍ෂණයේ ඉහළ වර්ධනයක්.
2012 සැප්තැම්බර් 02 ඉරිදා- පෙරවරු 08:06
මෙරට තොරතුරු තාක්ෂණයේ මෑත කාලීනව සුවිශේෂී වර්ධනයක් දක්නට ලැබෙන බව නවතම ආර්ථික සමීක්ෂණ වාර්තා ප‍්‍රකාශ කරනවා. 2014 වනවිට මෙරට පුද්ගලික පරිගණක අලෙවිය හයලක්ෂ පනස්දහස ඉක්මවිය හැකි බවයි එම වාර්තාවල දැක්වෙන්නේ. තොරතුරු තාක්ෂණ සහ පරිගණක සේවා සැපයුම් කර්මාන්තය මෙරට ආර්ථිකයේ ඉහළ වර්ධනයක් සහිත ක්ෂේත‍්‍රයන් අතරට ගැනෙනු ඇති. එහිදී මෙම අංශවල වාර්ෂික ආදායම් වර්ධනය සියයට 20 ඉක්මවනු ඇති බවයි ක්ෂේත‍්‍රයේ විද්වතුන් පෙන්වා දෙන්නේ. නව පරිගණක සහ තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍ර වෙත ශ‍්‍රී ලංකාවේ අනුගතවීම ආසියානු කලාපයේ රටවල් සැළකූ විට ඉතා ඉහළ මට්ටමක පවතින බව ප‍්‍රමුඛ පෙළේ පරිගණක නිෂ්පාදන ආයතන පවා පිළිගෙන ඇති කරුණක්.
