දඹුල්ලේ එළවළු මිල අදත් පහළට.
2012 සැප්තැම්බර් 02 ඉරිදා- පස්වරු 07:08
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිළ ගණන් පහළ ගොස් ඇතැයි වාර්තා වනවා. හිරු වාර්තාකරුවන් සඳහන් කරන්නේ මේ වනවිට මධ්‍යස්ථානය සඳහා ලැබෙන එළවළු තොග වැඩි වීම සහ ඉල්ලූම වැඩිවීම මෙයට හේතු වී ඇති බවයි. පසුගිය දිනවල කිලෝව රුපියල් 100 ත් 120 ත් අතර මිලකට අලෙවි වූ එළවළු මේ වනවිට රුපියල් 40ත් 65 ත් අතර මිලකට පහත බැස ඇති බවයි සඳහන් වන්නේ. අද (02* දිනය තුළ පමණක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු ලොරි 450 ත් 600 ත් අතර ප‍්‍රමාණයක් පැමිණ තිබෙනවා.
