ශ‍්‍රී ලංකාව ක‍්‍රිකට් ලොවේ තාමත් 5ට පසු.
2012 සැප්තැම්බර් 04 අඟහරුවාදා- පස්වරු 07:32
ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නවතම ක‍්‍රිකට් ශ්‍රේණි ගතකිරීම් ඊයේ දිනයේ නිකුත් කළා. එහිදී ටෙස්ට් ශ්‍රේනිගතකිරීම්වල 1 වන ස්ථානය දකුණු අප‍්‍රිකාවට හිමිවී තිබුණු අතර දෙවැනි ස්ථානය එංගලන්තයටත්, තුන්වන ස්ථානය ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමටත් හිමිවී තිබෙනවා. එක්දින ශ්‍රේණිගත කිරීම්වල පළමුවැනි ස්ථානය හිමිකරගත්තේ එංගලන්ත කණ්ඩායමයි. ශ‍්‍රී ලංකාව ටෙස්ට් ශ්‍රේණි ගතකිරීම්වල 6 වැනි ස්ථානයත්, එක්දින ශ්‍රේණිගතකිරීම්වල 5 වැනි ස්ථානයත් හිමිකරගත්තා.
