පැරා ඔලිම්පික් උළෙලේදී ඉරානය බි‍්‍රතාන්‍යය ප‍්‍රතික්ෂේප කරයි.
2012 සැප්තැම්බර් 05 බදාදා- පස්වරු 01:05
පැරා ඔලිම්පික් උළෙලේ ප‍්‍රධාන ආරාධිතයෙකු ලෙස සහභාගී වූ කේම්බි‍්‍රජ් හි ආදිපාදවරිය වන කේට් මිඞ්ල්ටන්ට ඉරාන කී‍්‍රඩකයෙකු අතට අත දී ආචාර නොකිරීමේ සිද්ධියක් වාර්තා වුණා. මෙහෙරාඞ් කරාම් නැමැති මෙම ඉරාන කී‍්‍රඩකයා කවපෙත්ත විසිකිරීමේ තරගයෙන් හිමිකර ගත්තේ රිදී පදක්කමයි. ඔහුට එම පදක්කම පැළඳවීම සඳහා කේට් මිඞ්ල්ටන්ට ආරාධනා කර තිබූ අතර, ඇය එම පදක්කම පළඳවා අතට අත දී ආචාර කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී එම කී‍්‍රඩකයා එය ප‍්‍රතික්ෂේප කර තිබෙනවා. බි‍්‍රතාන්‍යය සහ ඉරානය අතර යුරේනියම් බලගැන්වීම සම්බන්ධයෙන් කලක සිට දැඩි මතභේදාත්මක තත්ත්වයක් පවතිනවා. කෙසේ වෙතත්, ඉරානයෙන් පැරා ඔලිම්පික් උළෙල සඳහා සහභාගී වූ කී‍්‍රඩා බලධාරීන් ප‍්‍රකාශ කළේ ඥාතීන් හෝ ළඟම හිතවතුන් නොවේ නම් ඉරාන වැසියන් මෙලෙස අතට අත දී ආචාර කිරීම සිදු නොකරන බවයි.
