ඩුබායි රන් ශ‍්‍රී ලංකාවට.
2012 සැප්තැම්බර් 08 සෙනසුරාදා- පස්වරු 01:17
ඩුබායි හි සුප‍්‍රකට රන් හා ස්වර්ණාභරණ සමාගමක් ශ‍්‍රී ලංකාවේ සිය අලෙවි ජාලයක් පිහිටුවීම සඳහා ඩොලර් මිලියන 50 ක් ආයෝජනය කිරීමට ඉදිරිපත්ව සිටින බව කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශය පවසනවා. කැරට්ි 18 ස්වර්ණාභරණ අලෙවි සැල් 30 ක් වසර 2016 වනවිට මෙරට පිහිටුවීමටයි ඩුබායි සමාගම සැළසුම් කර ඇත්තේ. තීරුබදු රහිත අංශය සහ අපනයන ක්‍ෂේත‍්‍රය කෙරෙහිද එමගින් අවධානය යොමු කරනු ඇතැයි කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළා. ශ‍්‍රී ලංකාව වසරකට දේශීය පාරිභෝජනය සහ අපනයනට ස්වර්ණාභරණ නිපදවීම සඳහා රත්රන් මෙටි‍්‍රක් ටොන් 6 ක් පමණ ආනයනය කරනවා. පසුගිය වසරේදී ශ‍්‍රී ලංකාව ඇමරිකානු ඩොලර් මිලියන 531 දශම 7 ක් වටිනා දියමන්ති මැණික් සහ ස්වර්ණාභරණ අපනයනය කළා.
