පොලොන්නරුව ඡන්ද ගණන් කිරීම අවසන් අදියරට.
2012 සැප්තැම්බර් 09 ඉරිදා- පෙරවරු 12:12
පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු අවසන් අදියරට පැමිණ ඇතැයි දිස්ත‍්‍රික් තේරීම්භාර නිලධාරි නිමල් අබේසිරි ප‍්‍රකාශ කළා. ඔහු කියා සිටියේ තවත් එක් මධ්‍යස්ථානයක පමණක් ඡන්ද ගණන් කිරීමේ කටයුතු අවසන් කිරීමට ඇති බවයි. කඩිනමින් පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ ඡන්ද ප‍්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි ඔහු විශ්වාසය පළ කළා. පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ පවතින්නේ මැතිවරණ ආසන 3 ක් පමණයි. ඒ මැදිරිගිරිය, මින්නේරිය සහ පොලොන්නරුවයි.
ඡන්ද ප‍්‍රතිඵල නිකුත් කිරීමේ කටයුතු සිදුවන රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ද මේ වනවිට පවතින්නේ උණුසුම් තත්ත්වයක්. ඒ ප‍්‍රතිඵලයක් අපේක්ෂාවෙන් සියලූ මාධ්‍ය ආයතන රැදී සිටීම හේතුවෙන්. කෙසේ වෙතත්, පළමු ඡන්ද ප‍්‍රතිඵලයේ සිට සියලූ ප‍්‍රතිඵල ලද සැණින් ඔබ වෙත ගෙන ඒමට හිරු ප‍්‍රවෘත්ති අංශයට සූදානම්. රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප‍්‍රතිඵල නිකුත් කිරීමේ සූදානම පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීමට අප සම්බන්ධ කර ගන්නවා එහි සිටින හිරු මාණ්ඩලික වාර්තාකරු නිරෝධ කාරියවසම්.
