නිකුත් වූ ප‍්‍රතිඵල අනුව නිදහස් සන්ධානය ඉදිරියෙන්.
2012 සැප්තැම්බර් 09 ඉරිදා- පෙරවරු 07:43
පළාත් සභා මැතිවරණයේ උතුරුමැද පළාතේ සමස්ත ඡන්ද ප‍්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබෙනවා. ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය එම පළාත ජයග‍්‍රහණය කළේ ඡන්ද තුන්ලක්ෂ 38552 ක් ලබාගනිමින්. ඔවුන්ට උතුරුමැද පළාත් සභාවෙන් මන්ත‍්‍රී ආසන 19 ක් හිමිවූ අතර ඡන්ද එක්ලක්ෂ 96127 ක් ලබාගත් එක්සත් ජාතික පක්ෂයට මන්ත‍්‍රී ආසන 11 ක් හිමිවුණා. ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද 16066 ක් ලබාගත් අතර ඔවුන්ට මන්ත‍්‍රී ධූර එකක් හිමිව තිබෙනවා.
2008 පළාත් සභා මැතිවරණය හා සසඳන විට එක්සත් ජනතා නිදහස් සන්ධානය මෙවර මැතිවරණයේදී උතුරුමැද පළාතෙන් වැඩි ඡන්ද 31095 ක් ලබාගෙන තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයට ඡන්ද 9157 ක් අඩුවී ඇති අතර ජනතා විමුක්ති පෙරමුණටද ඡන්ද 10672 ක් අඩුවී තිබෙනවා.
