ශ‍්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා වැඳීමට කොළඹට මහ සෙනඟක්.
2012 සැප්තැම්බර් 09 ඉරිදා- පස්වරු 01:00
හුණුපිිටිය ගංගාරාම විහාරස්ථානයේ ප‍්‍රදර්ශණය කෙරෙන කපිලවස්තුපුර ශ‍්‍රී සර්වඥධාතූන් වහන්සේලා වැදපුදා ගැනීම සඳහා විශාල බැතිමතුන් සංඛ්‍යාවක් අද දිනයේත් පැමිණ තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළේ ධාතු ප‍්‍රදර්ශනය පැවැත්වෙන අද දිනයෙත් විශේෂ රථවාහන සැලැස්මක් කොළඹ නගරය තුළ ක‍්‍රියාත්මක කර ඇති බවයි. සර්වඥ ධාතූන් වහන්සේලා වැඳපුදා ගැනීම සඳහා කිලෝමීටර් 2 ක පමණ දිගු පෝලිමක් පවතින බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියා. ඔහු බැතිමතුන්ගෙන් ඉල්ලා සිටියේ හැකිතාක් ප‍්‍රදර්ශනය නැරඹීම සඳහා පැමිණීමේදී පොදු ප‍්‍රවාහන සේවා භාවිතා කරන ලෙසයි.
