ඇමති පුතුගේ පහරින් හමුදා මේජර්වරයෙකු රෝහලේ.
2012 සැප්තැම්බර් 09 ඉරිදා- පස්වරු 06:34
අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා විසින් පහර දුන්නේ යැයි කියන හමුදා මේජර්වරයෙකු අද (09) උදෑසන කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. කොළඹ තරු පහේ හෝටලයකදී මෙම පහරදීම සිදුව ඇති බව සඳහන්. රෝහල් ප‍්‍රකාශිකාවක සඳහන් කළේ මෙම හමුදා මේජර්වරයා සැත්කමකට ද භාජනය කෙරුණු බවයි. හමුදා මේජර්වරයාගේ හිසට ප‍්‍රහාරයක් එල්ල වී ඇති අතර, එහිදී ඇතිවූ පැල්මට මැහුම් කිහිපයක් ද දැමීමට සිදුවූ බව රෝහල් ප‍්‍රකාශිකාව කියා සිටියා. ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවයි වාර්තා වන්නේ. කොම්පඤ්ඤවීදිය පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණයක් ආරම්භ වී ඇති බව යුද හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළා. කොළඹ සුපිරි හෝටලයකදී ඇතිවූ බහින්බස්වීමකින් අනතුරුව හමුදා මේජර්වරයා මෙම ප‍්‍රහාරයට ලක්වී ඇති බව සඳහන්. අමාත්‍ය පුත‍්‍රයා විසින් හමුදා මේජර්වරයාගේ පෞද්ගලික ගිනි අවිය ද පැහැරගෙන ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ පැවසුවා.
