උතුරුමැද හිටපු මහඇමතිට දෙවැනි තැන.
2012 සැප්තැම්බර් 09 ඉරිදා- පස්වරු 06:54
උතුරුමැද පළාත් සභාවේ තුන්වරක් මහඇමති ධුරය හෙඹවූ බර්ටි පේ‍්‍රමලාල් දිසානායකට ඊයේ (08) පැවැති පළාත් සභා මැතිවරණයේදී හිමිව ඇත්තේ දෙවැනි ස්ථානයයි. සන්ධානය විසින් ජයග‍්‍රහණය කරනු ලැබූ උතුරුමැද පළාත් සභාවේ අනුරාධපුර දිස්ත‍්‍රික්කය වෙනුවෙන් වැඩිම මනාප හිමිකරගෙන ඇත්තේ එස්.එම්. රංජිත් විසින්. අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේනගේ සහෝදරයෙකු වන ඔහු ලබාගත් මනාප ඡුන්ද සංඛ්‍යාව එක්ලක්ෂ 5232ක්. බර්ටි පේ‍්‍රමලාල් දිසානායක හිටපු මහඇමතිවරයා හිමිකර ගත්තේ මනාප 95,027ක් පමණයි. එච්.බී. සේමසිංහ, ජගත් මහේන්ද්‍ර අධිකාරි, කල්‍යාණි කරල්ලියැද්ද, කේ.එච්. නන්දසේන, ටී.එම්.ආර්. සිරිපාල, එම්. හේරත් බණ්ඩා, උපාලි විජේකෝන්, ගමගේ වීරසේන, කේ.පී. සරත් කුමාරසිරි සහ සරත් ඉලංගසිංහ සන්ධානයෙන් උතුරුමැද පළාත් සභාව සඳහා තේරී පත්වන සෙසු මන්ත‍්‍රීවරුන්.
