ජපානයෙන් ලංකාවට කාසියක්.
2012 සැප්තැම්බර් 09 ඉරිදා- පස්වරු 07:09
ශ‍්‍රී ලංකාව නිකුත් කරන මීළඟ ලෝහ කාසිය නිෂ්පාදනය කිරීමේ ඇණවුම ජපානයට හිමිවී ඇති බව ජපෑන් ටයිම්ස් පුවත්පත අද (09) අනාවරණය කළා. රුපියල් දහසක වටිනාකමකින් යුත් එම කාසිය නිකුත් කෙරෙන්නේ ජපාන - ශ‍්‍රී ලංකා රාජ්‍ය තාන්ත‍්‍රික සබඳතාවලට 60 වසරක් සපිරීම නිමිත්තෙන්. එහි එක්පසෙක දැක්වෙන්නේ ජපානයේ සහායෙන් මෙරට ඉදිකෙරුණු ජල විදුලි බලාගාරයක සේයාරුවක්. ජපාන මුදලින් යෙන් 600ක් වන මෙම සමරු කාසිය ශ‍්‍රී ලංකාව සහ ජපානය යන රටවල් දෙකෙහිම අලෙවි කිරීමට සැලසුම් කර ඇති බවයි ජපාන පුවත්පත සඳහන් කළේ. ජපානය විසින් මෙලෙස විදේශ රටක ලෝහ කාසියක් නිෂ්පාදනය කරන්නේ දෙවැනි වතාවට බවත්, එමගින් වැඩිදුරටත් පෙන්වා දෙනවා. ලබන මස ටෝකියෝ නුවර පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික සැසි වාරයට සහභාගි වන මහබැංකු අධිපතිවරුන්ට සහ මුදල් අමාත්‍යවරුන්ට මෙම කාසිය සමරු තිළිණයක් ලෙස ලබාදීමට නියමිත බව ද සඳහන්.
