පැරාලිම්පික් සමාප්තිය අද.
2012 සැප්තැම්බර් 09 ඉරිදා- පස්වරු 07:11
ගිම්හාන ඔලිම්පික් සැණකෙළියෙන් පසු පැවැත්වෙන පැරාලිම්පික් තරගාවලියේ අවසන් ඉසව්ව වන මැරතන් ධාවනය නැරඹීම සඳහා ලන්ඩන්වාසීන් අද (09) වීදි දෙපස රොක් වී සිටියා. සත්කාරක බි‍්‍රතාන්‍ය පැරාලිම්පික් ක‍්‍රීඩකයන් මෙවර තරගාවලියේදී ඉහළ දස්කම් දැක්වීමට සමත්වී සිටින අතර රන් පදක්කම් 33ක් සමග ඔවුන් ලබාසිටින පදක්කම් සංඛ්‍යාව 133ක්. එහිදී බි‍්‍රතාන්‍යයට හිමිව ඇත්තේ තුන්වන ස්ථානයයි. රන් පදක්කම් 95ක් ඇතුළුව පදක්කම් 231ක් ජයග‍්‍රහණය කළ මහජන චීනය පළමු ස්ථානයේ රැදී සිටින අතර රන් පදක්කම් 35ක් දිනූ රුසියාව දෙවැනි ස්ථානයේ රැුදී සිටිනවා. ශ‍්‍රී ලාංකික පැරාලිම්පික් ක‍්‍රීඩක ප‍්‍රදීප් සංජය ලබාගත් ලෝකඩ පදක්කම හේතුවෙන් ශ‍්‍රී ලංකාව ද පදක්කම් සටහනේ 74 වැනි ස්ථානය ලබා සිටිනවා. මෙවර උළෙලේදී රන් පදක්කම් 3ක් දිනූ බි‍්‍රතාන්‍යයේ ක‍්‍රීඩක ඬේවිඞ් වියර් අද පැවැත්වෙන සමාප්ති උළෙලේදී ධජය රැුගෙන යාමට නියමිතයි. ලන්ඩන් පැරාලිම්පික් තරගාවලියේ තවත් කැපී පෙනෙන ක‍්‍රීඩකයෙකු වන්නේ දකුණු අප‍්‍රිකාවේ පිස්ටෝරියුස්. ආබාධිත මීටර් 400 ධාවන ඉසව්ව ජය ගත් ඔහු හඳුන්වන්නේ බ්ලේඞ් රනර් යන අනවර්ත නාමයෙන්. ලන්ඩන් පැරාලිම්පික් තරගාවලියේ ප‍්‍රවේශ පත‍්‍ර මිලියන 2.7ක් අලෙවි වී ඇත්තේ ඉලක්කය ද අභිබවමින්. සමාප්ති උළෙල ශ‍්‍රී ලංකා වේලාවෙන් හෙට (10) අලූයම් කාලයේ පැවැත්වෙනු ඇති.
