ලෝක ආර්ථිකයේ එන්ජිම ආසියාවයි. ඇමරිකාව කියයි.
2012 සැප්තැම්බර් 10 සඳුදා- පෙරවරු 07:43
ලෝක ආර්ථිකයේ එන්ජිම ආසියාව බව ඇමරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් පවසනවා. ඇමරිකානු රාජ්‍ය ලේකම්වරිය මේ බව සඳහන් කළේ රුසියාවේ පැවැත්වෙන ආසියා පැසිෆික් සමුළුවට සහභාගි වෙමින්. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමරිකානු රාජ්‍ය ලේකම්වරිය අනතුරු ඇඟවීමක්ද සිදුකළා. එනම් ආසියාවේ ආර්ථික ශක්තිය රැකගැනීමට නම් ආසියාවේ දේශ සීමා මුල්කරගෙන පවතින ගැටුම් වහා නවතා දැමිය යුතු බවයි. විශේෂයෙන්ම චීනය තම අසල්වැසි රටවල් සමග ඇති කරගෙන තිබෙන දේශසීමා ගැටළු වහා විසඳාගත යුතු බවද ඇමරිකානු රාජ්‍ය ලේකම්වරිය එහිදී අවධානය යොමුකර තිබෙනවා.
