20 - 20 ලෝක කුසලානයේ අභියෝග මහේල පහදයි.
2012 සැප්තැම්බර් 10 සඳුදා- පස්වරු 07:14
ශ‍්‍රී ලංකාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය මේ මස 18 වැනිදා ආරම්භ වනවා. එහි පළමු තරගය ශ‍්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර සූරියවැව ජාත්‍යන්තර කි‍්‍රකට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇති. තරගාවලියට එක්වන ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායක මහේල ජයවර්ධන කොළඹ දී අද (10) මාධ්‍ය හමුවේ පෙනී සිටියා. විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට එක්වන ශ‍්‍රී ලංකා සංචිතය පිළිබද ඔහු මෙහිදී අදහස් ප‍්‍රකාශ කළා.
කුමාර් සංගක්කාර මේ වන විට සම්පූර්ණ සුවයෙන් පසුවන බව ප‍්‍රකාශ කළ මහේල, විස්සයි විස්ස තරගවල පවතින අභියෝග පිළිබදව ද සඳහන් කළා.
