හැරී කුමරුට මරණ තර්ජන.
2012 සැප්තැම්බර් 11 අඟහරුවාදා- පස්වරු 01:00
ඇෆ්ගනිස්ථානයේ මෙහෙයුම් කටයුතු සඳහා සහභාගි වී සිටින බි‍්‍රතාන්‍යයේ රජ පවුලේ සාමාජිකයෙකු වන හැරී කුමරු ජීවග‍්‍රහයෙන් අල්ලා ගැනීමට හෝ මරා දැමීමට තම උපරිම ශක්තිය යොදවන බව තලෙයිබාන් සංවිධානය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් තලෙයිබාන් සංවිධානයේ මාධ්‍ය ප‍්‍රකාශකවරයා අවධාරණය කරන්නේ කෙසේ හෝ තමන් මෙම ඉලක්කය සපුරා ගන්නා බවයි. වසර 4ක හමුදා සේවය තුළ හැරී කුමරු මාස 4ක කාලයක් සඳහා ඇෆ්ගනිස්ථානයේ හෙල්මන්ට් ප‍්‍රාන්තයේ රාජකාරී සඳහා පසුගිය සතියේ එම ප‍්‍රදේශයට පැමිණියා. ඔහු මේ වන විට නේටෝ හමුදා සමග එක්ව ඉදිරි ආරක්ෂක වළල්ලෙහි රාජකාරී කටයුතු කරන බවයි විදෙස් වාර්තා සදහන් කළේ. තලෙයිබාන් සංවිධානය විසින් සිදුකර ඇති තර්ජනය නෙටෝ සංවිධානය විසින් ප‍්‍රතික්ෂේප කර තිබෙනවා. නේටෝ ප‍්‍රධානියා සදහන් කරන්නේ හැරී කුමරුගේ ආරක්ෂාව වෙනුවෙන් උපරිම කි‍්‍රයාමාර්ග සලසා ඇති බවයි. මේ අතර, තලෙයිබාන් සංවිධානයේ මෙම අනතුරු ඇගවීම පිළිබදව බි‍්‍රතාන්‍ය මෙතෙක් කිසිදු නිළ ප‍්‍රකාශයක් සිදුකර නැහැ.
