නවසිලන්තයට එක ලකුණක තියුණු ජයක්.
2012 සැප්තැම්බර් 12 බදාදා- පෙරවරු 08:00
සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ඉන්දියාව අතර චෙන්නාහි දී පැවැති පන්දු වාර විස්සයි විස්ස තරගය එක් ලකුණකින් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම ඊයේ (11) සමත් වුණා. පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දු වාර විස්ස අවසානයේදී කඩුලූ 5ක් දැවී ලකුණු 167ක් රැස් කළා. ලකුණු 168ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායමට ලබා ගත හැකි වූයේ ලකුණු 166ක් පමණයි. ඒ අනුව එක් ලකුණක තියුණු ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම ඊයේ සමත් වුණා. කලක් රෝගාතුරව සිටි ඉන්දීය සුපිරි ක‍්‍රීඩක යුවරාජ් සිං මෙවර පන්දු වාර විස්සයි විස්ස තරගයට එක්වීම විශේෂත්වයක්.
