ප‍්‍රදීප්ට උසස්වීමක්.
2012 සැප්තැම්බර් 13 බ්‍රහස්පතින්දා- පස්වරු 12:52
ලන්ඩනයේදී පසුගියදා නිමාවට පත් වූ පැරා ඔලිම්පික් තරගාවලියේ මීටර් 400 තරග ඉසව්වකින්් ලෝකඩ පදක්කමක් දිනා ගත් ශ‍්‍රී ලංකා යුධ හමුදාවේ ප‍්‍රදීප් සංජය ජනාධිපතිවරයා විසින් මාණ්ඩලික සැරයන් තනතුරට උසස් කර තිබෙනවා. ශ‍්‍රී ලංකා යුධ හමුදාවේ සැරයන්වරයෙකු ලෙස කටයුතු කළ ඔහු අද පෙරවරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවූ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ. එහිදී ජනාධිපතිවරයා විසින් ප‍්‍රදීප් සංජීව වෙත රුපියල් මිලියන 4 යි දශම 5 ක මුදල් ත්‍යාගයක් ද පිරිනැමුවා. ඊට අමතරව ඔහුට ඉඩමක් ද පරිත්‍යාග කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කර තිබෙනවා. ප‍්‍රදීප් සංජය ශ‍්‍රී ලංකා යුධ හමුදාවේ සිංහ රෙංජිමේන්තුව නියෝජනය කරන අතර පසුගියදා පැවති තරගාවලියේ මීටර් 400 වැලමිට පහලින් එක් අතක් ආබාධිතවූවන්ගේ කාණ්ඩයේ තරග ඉසව්ව තත්ත්පර 49 යි දශම 2 යි 8 ක කාලයකින් නිම කරමින් ලෝකඩ පදක්කම හිමිකර ගැනීමට සමත්වුණා. මෙය පැරා ඔලිම්පික් තරගයකදී ශ‍්‍රී ලාංකික ක‍්‍රීඩකයෙකු පදක්කමක් දිනා ගත් ප‍්‍රථම අවස්ථාව ලෙස ද සැලකෙනවා.
