විස්සයි විස්ස කුසලානය කණ්ඩායම් 4 කට.
2012 සැප්තැම්බර් 14 සිකුරාදා- පෙරවරු 07:44
මෙවර 20 යි 20 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ජයග‍්‍රහණය කණ්ඩායම් 4 ක් අතර දෝලනය වෙමින් පවතින බව එංගලන්ත කි‍්‍රකට් ක‍්‍රීඩක කෙවින් පීටර්සන් පවසනවා. ශ‍්‍රී ලංකාව, බටහිර ඉන්දීය කොදෙව්, පාකිස්ථානය සහ ඉන්දියාව අතර එම දෝලනය සිදුවන බවයි ඔහු පෙන්වා දෙන්නේ. කෙසේ වුවත්, තරගාවලිය තුළදී වැඩි ආක‍්‍රමණශීලි සහ වැරදි අවම ලෙස සිදුකරන කණ්ඩායමට තරගාවලියේ කුසලානය හිමිකර ගැනීමේ වැඩි ඉඩකඩක් පවතින බව ද කෙවින් පීටර්සන් ප‍්‍රකාශ කළා. මෙවර තරගාවලියේදී පේ‍්‍රක්ෂක අවධානය වැඩියෙන් යොමුවනු ඇත්තේ ඉන්දියානු පිතිකරුවන් දෙසට බවයි ඔහුගේ මතය වී ඇත්තේ. කෙවින් පීටර්සන් මෙවර 20 යි 20 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියට සහභාගිවන්නේ රූපවාහිනි විස්තර විචාරකයෙකු ලෙසයි.
