උතුරේ මායිම් වෙනස්වන ලකුණු.
2012 සැප්තැම්බර් 14 සිකුරාදා- පස්වරු 01:07
උතුරු පළාත් සිතියමේ වෙනසක් ඉදිරියේදී ඇතිවිය හැකි බව මිනුම්දෝරු දෙපාර්තමේන්තුව පවසනවා. මිනුම්පති මහේෂ් ප‍්‍රනාන්දු හිරු ප‍්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ප‍්‍රථම වතාවට උතුරු පළාත සඳහා 1 ට දසදහසේ සිතියමක් සකස් කිරීමට මේ වනවිට කටයුතු කර ඇති බවයි. යුද්ධය පැවතීම හේතුවෙන් පසුගිය කාලය පුරාම උතුරු පළාතට සිතියමක් සකස් කර තිබුණේ නැහැ. මේ වනවිට උතුරු පළාතේ කිසිදු ගැටළුවක් නොමැති බැවින් එම පළාතට වෙන්වූ සිතියමක් සකස් කිරීමට කාලය එළැඹ ඇති බව මිනුම්පතිවරයා කියා සිටියා. මේ හේතුවෙන් ශී‍්‍ර ලංකා සිතියමේ උතුරු පළාතේ සීමා මායිම්වලද සුළු වෙනස්කම් කිහිපයක් ඉදිරියේදී සිදුවිය හැකි බවයි ඔහු කියා සිටියේ.
මේ අතර, ජගත් සංවිධානයේ මෙරට සේවය කරන නියෝජිතයින් වෙත ශී‍්‍ර ලංකා සිතියම ලබාදීමට මිනුම්දෝරු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. මෙරට සේවය කිරීමේදී ඔවුන්ගේ පහසුව සඳහා ශී‍්‍ර ලංකා සිතියම ලබාදීමට තීරණය කළ බවයි මිනුම්පතිවරයා සඳහන් කළේ.
