ශී‍්‍ර ලංගමයට බස් දෙනවාට පෞද්ගලික බස් සංගම්වල විරෝධය.
2012 සැප්තැම්බර් 14 සිකුරාදා- පස්වරු 01:16
ශී‍්‍ර ලංකා ගමනාගමන මණ්ඩලය විසින් බස් රථ 3,000 ක් චීනයෙන් ආනයනය කිරීමට ගෙන ඇති තීරණයට පෞද්ගලික බස් සංගම් විරෝධය පළ කරනවා. දැනටමත් පෞද්ගලික බස් රථ 3000 ක පමණ අතිරික්තයක් පවතින බවයි සමස්ත ලංකා පෞද්ගලික බස් සමිති සම්මේලනයේ ප‍්‍රධාන ලේකම් අංජන ප‍්‍රියන්ජිත් සඳහන් කළේ. මේ නිසා ශී‍්‍ර ලංකා ගමනාගමන මණ්ඩලය විසින් අමතර බස් රථ ධාවනයට එක්කළහොත් ගැටළු රැසක් ඉදිරියේදී මතුවිය හැකි බව ඔහු ප‍්‍රකාශ කළා.
ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයද ශී‍්‍ර ලංගමය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරනවා. එහි සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ මෙමගින් පෞද්ගලික බස් කර්මාන්තයට තර්ජනයක් එල්ල වන බවයි.
පෞද්ගලික බස් සංගම් එල්ල කරන මෙම චෝදනාව පිළිබඳව අප ප‍්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගමගෙන් විමසීමක් කළා. අමාත්‍යවරයා කියා සිටියේ ශී‍්‍ර ලංගමය සතුව දැනට පවතින පැරණි බස් රථ ඉවත් කර චීනයෙන් ආනයනය කරන මෙම බස් රථ ධාවනය සඳහා එක්කිරීමට කටයුතු කරන බවයි.
