පාප්වහන්සේ ලෙබනනයට.
2012 සැප්තැම්බර් 14 සිකුරාදා- පස්වරු 01:19
අතිඋතුම් 16 වන බෙනඩික් පාප් වහන්සේ තුන්දින නිල සංචාරයක් සඳහා ලෙබනනයට අද (14) පැමිණියා. වසර 15 කට පසුව පළමු වතාවටයි මෙවැනි පාප් වහන්සේ වරයෙකු ලෙබනනයට පැමිණියේ. 16 වන බෙනඩික් පාප් වහන්සේ ලෙබනනයේ රැඳී සිටින කාලය තුළදී එරට දේශපාලන නායකයින් මෙන්ම ආගමික නායකයින් රැසක්ද මුණ ගැසෙන බවයි විදෙස් වාර්තා පවසන්නේ. මේ අතර, සිරියාව ඇතුළු මැද පෙරදිග කලාපයේ ඇතිවී තිබෙන ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් මෙහිදී පාප් වහන්සේ විශේෂ අවධානය යොමුකරන බව වතිකානුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
