නව තානාපතිවරුන් 06 ක්, මහ කොමසාරිස්වරුන් 02 ක්.
2012 සැප්තැම්බර් 14 සිකුරාදා- පස්වරු 03:53
නව තානාපතිවරු සය දෙනෙකු සහ මහ කොමසාරිස්වරු දෙදෙනෙකු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත අද (14) අක්තපත‍්‍ර භාර දුන්නා. ජනාධිපති කාර්යාලයේදී එම කටයුතු සිදුවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප‍්‍රකාශ කළේ. බ‍්‍රසීලයේ වෙනුවෙන් මාර්සෙලෝ ලියනාඩෝ ඩා සිල්වා, හංගේරියාව වෙනුවෙන් යානෝස් ටෙරෙන්යි, නෝර්වේ රාජ්‍යය වෙනුවෙන් ගේ‍්‍රට් ලෝචන්, ඇමරිකා එක්සත් ජනපදය වෙනුවෙන් මිෂෙල් ජීන් සිසියොන්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙනුවෙන් අබ්දුල් හමීඞ් අබ්දුල් සහ ජර්මනිය වෙනුවෙන් ජර්ගන් මෝහාඞ් යන තානාපතිවරුන් එලෙස දිවුරුම් දී තිබෙනවා. මහ කොමසාරිස්වරුන් ලෙස නයිජීරියාව වෙනුවෙන් ෆෙමී ඇකින්සන් සහ සයිප‍්‍රස් රාජ්‍යය වෙනුවෙන් මරියා මිචෙල් අද දිවුරුම් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප‍්‍රකාශ කළේ.
