අරාබිකරයට ඔබාමාගෙන් අනතුරු ඇඟවීමක්.
2012 සැප්තැම්බර් 15 සෙනසුරාදා- පෙරවරු 08:14
අරාබිකරයේ පැන නැගී ඇති ඇමරිකානු විරෝධී රැුල්ලට එරෙහිව නොසැලී මුහුණ දෙන බව ජනාධිපති බැරක් ඔබාමා පවසනවා. ඔහු කියා සිටියේ සංස්කෘතීන් අතර විෂමතාවන් ගැන අනවබෝධය හේතුවෙන් මෙම විරෝධය මතු වී ඇති බවයි. ඇමරිකාව ලෝකයෙන් පලා යාමට සූදානම් නොමැති බවයි ලිබියාවේදී මිය ගිය ඇමරිකානු තානාපති නිලධාරීන්ගේ මළ සිරුරු ඇමරිකා එක්සත් ජනපදය වෙත ඊයේ (14) රැගෙන ආ අවස්ථාවේදී ජනාධිපති ඔබාමා සඳහන් කළේ. එමෙන්ම ඊජිප්තුව, ලිබියාව, යේමනය සහ ටියුනීසියාව වැනි ඇමරිකානු විරෝධී රැල්ලක් පැන නැගී ඇති රටවලට ඔහු අනතුරු අගවා සිටියේ කලහකාරීන්ට නිදහසේ හැසිරීමට ඉඩ ලබානොදෙන ලෙසයි. බෙංගාසි නුවර දී ඇමරිකානු තානාපති නිලධාරීන් ප‍්‍රහාරයකින් මිය යාම සම්බන්ධයෙන් සී.අයි.ඒ. ඔත්තු සේවාව ලිබියාවට පැමිණ දැනටමත් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. අරාබිකරයේ ඇමරිකානු විරෝධී රැල්ලක් පැන නැගී ඇත්තේ ඇමරිකාවේදී නිෂ්පාදිත චිත‍්‍රපටයක් මගින් මහම්මද්තුමාට අපහාස කළ බවට චෝදනා එල්ල වීමත් සමගයි.
