හැරී කුමරු රැදී සිටි කඳවුරකට ප‍්‍රහාරයක්.
2012 සැප්තැම්බර් 15 සෙනසුරාදා- පස්වරු 05:11
දකුණු ඇෆ්ගනීස්ථානයේ සාම සාධක කඳවුරකට එල්ල වූ ප‍්‍රහාරයකින් ඇමෙරිකානු සෙබලූන් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ තලෙයිබාන් සටන්කාමීන් විසින් මෙම ප‍්‍රහාරය එල්ල කර ඇති බවයි. ඇමෙරිකාව විසින් පසුගියදා එළිදක්වන ලද මුස්ලිම් විරෝධී වාර්තා චිත‍්‍රපටියට විරුද්ධත්වය පළ කරමින් ඔවුන් මෙම ප‍්‍රහාරය එල්ල කර තිබෙනවා. ප‍්‍රහාරය එල්ල වන අවස්ථාවේදී බි‍්‍රතාන්‍යයේ හැරී කුමරු ද මෙම කඳවුරේ රාජකාරිවල නිරතව සිට ඇති අතර ඔහුට ඉන් හානියක් සිදුවී නැහැ.
