පුහුණු තරගයෙන් ඉන්දියාවට ජය.
2012 සැප්තැම්බර් 15 සෙනසුරාදා- පස්වරු 08:07
විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට අදාළව ශී‍්‍ර ලංකා කණ්ඩායම සහභාගී වූ තවත් පුහුණු තරගයක් ඉන්දීය කණ්ඩායම සමග කොළඹ පී. සරා ඕවල් කී‍්‍රඩාංගනයේදී අද (15) පැවැත්වුණා. එය ලකුණු 26 කින් ජයගත්තේ ඉන්දීය කණ්ඩායමයි. තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුළු 05 ක් දැවී ලකුණු 146 ක් ලබා ගත්තා. ඊට පිළිතුරු වශයෙන් ශී‍්‍ර ලංකා කණ්ඩායමට පන්දුවාර 19 යි පන්දු 03 කදී සියලූ දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 120 ක් පමණයි.
