රාජ්‍ය තාන්ත‍්‍රිකයන් ගැන ඇමරිකාව බියෙන්.
2012 සැප්තැම්බර් 16 ඉරිදා- පෙරවරු 07:45
වහාම සුඩානයෙන් සහ ටියුනීසියාවෙන් පිටවන්නැයි ඇමරිකාව එරට තානාපති කාර්යාලවල සිටින අත්‍යාවශ්‍යම නොවන රාජ්‍ය තාන්ත‍්‍රික නිලධාරින්ට දැනුම්දී තිබෙනවා. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළේ ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම පියවර ගන්නා බවයි. නබිතුමන් විවේචනයට ලක් කරමින් ඇමරිකාවේ නිපදවූවායැයි කියන චිත‍්‍රපටිය සම්බන්ධයෙන් මේ වනවිට රටවල් රැසක දැඩි විරෝධයක් ඇතිවී තිබෙනවා. අවස්ථා කිහිපයකදී මුස්ලිම් රටවල පිහිටි ඇමරිකානු තානාපති කාර්යාල වෙත ප‍්‍රහාරද එල්ලවුණා. මෙම තත්ත්වය සැළකිල්ලට ගෙනයි ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මෙලෙස නිලධාරින්ට ඉවත්වන ලෙස නියෝග කර ඇත්තේ.
