ඉන්දියාව - පකිස්ථානය අද ගැටේ.
2012 සැප්තැම්බර් 17 සඳුදා- පෙරවරු 07:51
විස්සයි - විස්ස ලෝක කුසලාන තරඟාවලියේ වැඩිම අවධානයක් දිනාගත් පුහුණු තරඟය අද කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. ඒ පාකිස්ථානු කණ්ඩායම සහ ඉන්දියාව අතර පැවැත්වෙන තරඟයයි. මෙම තරඟය පුහුණු තරඟයක් වුවත් දෙරට අතර පැවැත්වෙන තවත් උණුසුම් තරඟයක් විය හැකි බවයි ඉන්දීය කණ්ඩායම් නායක මහේන්ද්‍ර සිං දෝණි පවසන්නේ. මේ අතර මෙම තරඟය කෙරෙහි ඇති වැඩි අවධානය හේතුවෙන් පුහුණු තරඟයක් වුවත් එය ඉන්දියාව සහ පකිස්ථානය වෙත රූපවාහිනිය ඔස්සේ සජීවීව විකාශය කිරීමටද මේ වනවිට පියවර ගෙන තිබෙනවා. මීට අමතරව අද දිනයේ තවත් පුහුණු තරඟ කිහිපයක් පැවැත්වෙන අතර, ඕස්ටේ‍්‍රලියාව සහ එංගලන්තය සමග පැවැත්වෙන පුහුණු තරඟය කොළඹ එන්.සී.සී. පිටියේදීත්, දකුණු අප‍්‍රිකාව සහ නවසීලන්තය අතර පුහුණු තරඟය කොළඹ කෝල්ට්ස් පිටියේදීත් පැවැත්වෙනු ඇති.
