දෙවැනි කාර්තුවේ ආර්ථික වර්ධනය ඉහළට.
2012 සැප්තැම්බර් 18 අඟහරුවාදා- පෙරවරු 08:04
මේ වසරේ දෙවැනි කාර්තුව තුළ මෙරට ආර්ථිකය සියයට 6.4 කින් වර්ධනය වී තිබෙනවා. ජන ලේඛන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව වසරේ පළමු කාර්තුවේ ආර්ථික වර්ධනය සියයට 7.9ක්. කෙසේ නමුත් පසුගිය වසරේ දෙවැනි කාර්තුවත් සමග සසදන විට මෙරට කෘෂිකර්මාන්තය සියයට 9.1කින් ද කර්මාන්ත ක්ෂේත‍්‍රය සියයට 9.5කින් ද වර්ධනය වී තිබෙනවා. සේවා අංශයේ වර්ධනය සියයට 4.5ක්. වසරේ සමස්ත ආර්ථික වර්ධනය සියයට 7ක් පමණ වනු ඇති බවයි මහබැංකුව අනාවැකි පළ කළේ. පසුගිය වසර දෙකේ දී ශ‍්‍රී ලංකාව සියයට 8ක ආර්ථික වර්ධනයක් වාර්තා කළා. අපනයන භාණ්ඩ සඳහා ඉල්ලූම පහත වැටීම සහ නියඟයෙන් විදුලිබල නිෂ්පාදනයට සහ කෘෂිකර්මාන්තයට සිදුවූ බලපෑම මේ වසරේ ආර්ථික වර්ධනය පහත වැටීමට හේතු ලෙස සැලකෙනවා.
