නිරුවත් ඡායාරූපවලට එරෙහිව රාජකීය යුවලගෙන් නඩුවක්.
2012 සැප්තැම්බර් 18 අඟහරුවාදා- පෙරවරු 08:20
බි‍්‍රතාන්‍යයේ කිරුළ හිමි හැරී කුමරු සහ කේට් කුමරිය ප‍්‍රංශ සඟරාවක් රජ කුමරියගේ උඩුකය නිරුවත් ඡායාරූපයක් පළ කිරීමට එරෙහිව ප‍්‍රංශ අධිකරණයේ අපරාධ නඩුවක් ගොනු කර තිබෙනවා. එම අධිකරණ කි‍්‍රයාමාර්ගය ආරම්භ කරමින් රාජකීය යුවළගේ නීතිඥයා ප‍්‍රංශයේ ක්ලෝසර් සගරාවෙන් ඉල්ලා සිටියේ අදාළ ඡායාරූපයේ මුල් පිටපත් වහා ලබාදෙන ලෙසයි. ප‍්‍රංශ සගරාවට අමතරව අයර්ලන්ත පුවත්පතක් සහ ඉතාලි සගරාවක් ද එම ඡායාරූපය පළ කරනු ලැබුවා. ඡායාරූපය පළ කළ අයර්ලන්ත ඬේලි ස්ටාර් කතුවරයා පුවත්පතේ හිමිකරුවන් විසින් සේවයෙන් පහ කර තිබෙනවා. රාජකීය යුවල ප‍්‍රංශයේ විවේක සංචාරයක නිරත වන විටයි අදාළ ඡායාරූපය ගෙන ඇත්තේ. මේ වන විට ඔවුන් දකුණු පැසිෆික් දිවයින්හි සංචාරයක නිරත වනවා.
