දේශපාලන පක්ෂයක් ඉන්දීය පාලක සභාගයෙන් ඉවතට.
2012 සැප්තැම්බර් 19 බදාදා- පස්වරු 12:42
ඉන්දියාවේ ප‍්‍රධාන දේශපාලන පක්ෂයක් එරට පාලක සභාගයෙන් ඉවත්ව තිබෙනවා. ඒ, වර්තමාන රජයේ ආර්ථික ප‍්‍රතිපත්තියට සහ ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින්. ටි‍්‍රනමූල් කොංග‍්‍රසය ලෙස හැඳින්වෙන මෙම දේශපාලන පක්ෂය දෙවැනි වන්නේ සභාග රජයේ කොංග‍්‍රස් පක්ෂයට පමණයි. ආණ්ඩුවෙන් ඉවත් වූ ටි‍්‍රනමූල් කොංග‍්‍රසයේ අමාත්‍ය ධුර 06 ක් සහ මන්තී‍්‍ර ධුර 19 ක් නියෝජනය වනවා. මෙම ඉවත්වීම ඉන්දීය පාලක කොංග‍්‍රසය බරපතල අර්බුදයකට ලක්වීමක් බවයි වාර්තා වන්නේ.
