අයර්ලන්ත කණ්ඩායම ශක්තිමත්ලූ.
2012 සැප්තැම්බර් 19 බදාදා- පස්වරු 12:43
අයර්ලන්ත කණ්ඩායම සුළු කොට තැකිය නොහැකි බව කි‍්‍රක් ඉන්ෆෝ වෙබ් අඩවිය පවසනවා. වාර්තාවක් සපයමින් ඔවුන් මේ බව ප‍්‍රකාශ කරන්නේ ඕස්ටේ‍්‍රලියාව සහ අයර්ලන්තය අතර අද පැවැත්වෙන තරගය පිළිබඳව අදහස් දක්වමින්. අයර්ලන්ත කණ්ඩායම මෑතකාලීනව ඉතා උසස් දක්ෂතා පෙන්නුම් කර ඇති බවයි කි‍්‍රක් ඉන්ෆෝ වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ. පසුගිය වසරේ විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වලට අනුව ඕස්ටේ‍්‍රලියාවට වඩා ඉදිරියෙන් සිටීමට අයර්ලන්ත කණ්ඩායමට හැකියාව ලැබුණා. අයර්ලන්ත කී‍්‍රඩක කෙවින් ඕ බ‍්‍රයන් පිළිබඳව තරගාවලිය පුරා වැඩි අවධානයක් යොමුවිය හැකි බවයි එහි දැක්වෙන්නේ. විස්සයි විස්ස ලෝක කුසලානයට අදාළව ඕස්ටේ‍්‍රලියාව සහ අයර්ලන්තය අතරත් ඇෆ්ගනිස්ථානය සහ ඉන්දියාව අතරත් තරග ආර්.පේ‍්‍රමදාස කී‍්‍රඩාංගනයේදී අද පැවැත්වීමට නියමිතයි.
