මැගසින් බන්ධනාගාරයේ ගැටුමට සම්බන්ධ 58 දෙනා යළි රිමාන්ඞ්.
2012 සැප්තැම්බර් 19 බදාදා- පස්වරු 01:06
පසුගිය ජනවාරි මස 27 වැනිදා කොළඹ මැගසින් බන්ධනාගාරයේ ඇතිවු ගැටුමට සම්බන්ධ පුද්ගලයින් 58 දෙනෙකු අද (19) යළිත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව යළිත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රෂ්මි සිංගප්පුලි හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව මොවුන් ඔක්තෝම්බර් මස 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි නියෝග කරනු ලැබුවේ. කොළඹ අපරාධ කොට්ඨාසය, අද (19) අධිකරණයට දැනුම් දුන්නේ මොවුන් සම්බන්ධයෙන් ගන්නා ඉදිරි කි‍්‍රයා මාර්ග සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ඉල්ලා ඇති බවයි.
