අන්තරේ කැඳවුම්කරු අත්අඩංගුවට.
අද ජනමතයෙන්
ආණ්ඩුව විදුලිබිල අඩු කරයි ද ?
 
සපුගස්කන්ද පිරිපහදුව.


Sri Lanka Rupee Converter
Amount :
To :
Sri Lanka Rupee Exchange Rate (Rates in LKR)
Country Buying Selling
Australian Dollar 127.87 132.89
Singapore Dollar 99.71 103.25
Japanese Yen 1.28 1.33
British Pound 185.90 191.48
Swiss Franc 130.86 136.00
American Dollar 125.03 128.18
Euro 162.12 167.67
Indicative Rates
Norwegian Krone   22.11
Korean Won   0.11
Jordan Dinar   178.79
Maldive Island Rufiya   8.23
Bahrain Dinar   335.75
Kuwait Dinar   445.08
Oman Rial   328.77
Qatar Riyal   34.77
Saudi Arabia Riyal   33.75
UAE Dirham   34.46
Rates on 2013-05-24
අන්තරේ කැඳවුම්කරු අත්අඩංගුවට.
2012 සැප්තැම්බර් 19 බදාදා- පස්වරු 07:03

උසස් අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයේ ගැටලූ විසඳන ලෙස ඉල්ලමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය කොටුව දුම්රියපළ ඉදිරිපිට අද සත්‍යග‍්‍රහයක් ආරම්භ කළා. ඒ එම ස්ථානයේ පැවැත්වුනු උද්ඝෝෂණයකින් අනතුරුවයි. එහිදී අදහස් දැක්වූ එම ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර.

                           

කොටුව දුම්රියපල ඉදිරිපිට සත්‍යග‍්‍රහයක් ආරම්භ කළ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ නියෝජිතයන් වෙත කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් අද නියෝග කිහිපයක් ද නිකුත් කළා. ඒ කොටුව පොලීසියේ ඉල්ලීම මතයි.  ඒ අනුව ඔවුන්ට උද්ඝෝෂණ පැවැත්විය හැක්කේ කොටුව දුම්රියපළ ඉදිරිපිට ඇති හිස් භූමියේ පමණයි. උද්ඝෝෂණකරුවන්ට දුම්රිය පළ ඉදිරිපිට ඇති මාර්ගය භාවිතා කිරීමට හෝ වාහන ගමනාගමනයට බාධාවන කිසිදු ක‍්‍රියාවලියක නිරතවීමට ඉඩ ලැබෙන්නේ නැහැ. එසේම දුම්රිය ස්ථානයට පැමිණෙන මගීන්ටද බාධාවන කිසිදු ක‍්‍රියාවක් නොකළයුතු බව අධිකරණය විසින් එම ශිෂ්‍ය බල මණ්ඩලයට දැනුම්දී තිබුණා.

මෙම සත්‍යග‍්‍රහයට සහභාගිවී බස් රථයකින් ගමන් ගනිමින් සිටියදී අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර පොලිස් අත්අඩංගුවට ගැණුනා. කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ඔහු අත්අඩංගුවට ගත්තේ කොළඹ - නගරශාලාවට ආසන්නයේදියි. ඊට හේතු පැහැදිළි කරන පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ.

                                                   

කෙසේ වෙතත් පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් පේරාදෙණිය ජෝර්ජ් ඊ ද සිල්වා උද්‍යානය ආසන්නයේ ආරම්භ කර ඇති සත්‍යග‍්‍රහය එම ස්ථානයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා මහනුවර පොලිසිය ගොනුකළ පෙත්සමක් අධිකරණය අද ප‍්‍රතික්ෂේප කළා. සත්‍යග‍්‍රහය එම ස්ථානයෙන් ඉවත් කරන ලෙස ඉල්ලමින් මහනුවර මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අධිකරණයට කියා සිටියේ මේ නිසා මාර්ගයට සහ පදික වේදිකාවට අවහිරතා මතුවන බවයි. එහෙත් මහනුවර මහේස්ත‍්‍රාත් රවීන්ද්‍ර පේ‍්‍රමරත්න ඔහුගේ ඉල්ලීම ප‍්‍රතික්ෂේප කළේ එවැනි අවහිරතාවයක් සිදුනොවන බව පවසමින්.

කෙසේ වෙතත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසන්නේ සරසවි ඇදුරන්ගේ වර්ජනය ජනතා ව්‍යාපාරයක් බවට පත්කළේ ආණ්ඩුව විසින්ම බවයි. එම සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මෙම අදහස් පළ කළේ සරසවි ඇදුරන් සහ කලාකරුවන් අතර කොළඹදී අද පැවති රැස්වීමක් අමතමින්.

                                               

කොළඹ අද පැවති ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය හමුවකදී ද විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ගැටළුව පිළිබඳව අදහස් පළ වුණා. පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක එහිදී කියා සිටියේ මෙම ගැටලූව උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් ව්‍යාකූල තත්ත්වයකට පත්කර ඇති බවයි.

                    




Bookmark and Share

Post Your Comment
Name
E-mail
Comment
Please type the characters you see in the picture.
 
Terms & Conditions
Please express your views and opinions responsibly on this forum. Note that any comments containing slander, vulgarism, derogatory statements or any foul or abusive language will be deleted. Comments posted contain the comment writer's personal opinion and do not necessarily reflect the views of hirunews.lk.
Readers' Comments - (0)