කච්චතිව් ඉල්ලා ජයලලිතා නඩු පවරයි.
2012 සැප්තැම්බර් 20 බ්‍රහස්පතින්දා- පෙරවරු 07:27
කච්චතිවු ඳුපත ශ‍්‍රී ලංකාවට පවරාදීමේ ගිවිසුම අහෝසි කරන්නැයි ඉල්ලා ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ තවත් නඩුවක් පවරා තිබෙනවා. ඒ තමිල්නාඩු මහඇමතිනි ජයලලිතා ජයරාම් විසින්. 1974 වසරේදී ශ‍්‍රී ලංකාවට කච්චතිවු ඳුපතේ අයිතිය පැවරුණු අතර ඊට එරෙහිව තමිල්නාඩු නායකයන් විවිධ අවස්ථාවලදී අධිකරණය හමුවට ගියා. ඔවුන් සඳහන් කරන්නේ රාමේෂ්වරම් අවට ධීවරයන්ට තම ධීවර කටයුතු නිදහසේ කර ගෙන යාමට අවශ්‍ය පරිසරය සකස් කර ගැනීම සඳහා කච්චතිවු ඳුපතේ අයිතිය අත්‍යාවශ්‍ය වන බවයි. ඳුපත ශ‍්‍රී ලංකාවට පවරා දීමෙන් පසු ඉන්දීය ධීවරයන්ට ඒ අවට ප‍්‍රදේශයේ ධීවර කර්මාන්තයේ යෙදීමට අවසර හිමිවන්නේ නැහැ. ඒ හේතුවෙන් පෙරේදා මෙම නඩුව පැවරූ බවයි ජයලලිතා ජයරාම් ප‍්‍රකාශ කර ඇත්තේ.
