අවුන්සාන් සුකීට ඇමරිකාවේ උසස්ම සම්මානය.
2012 සැප්තැම්බර් 20 බ්‍රහස්පතින්දා- පෙරවරු 07:58
ඇමරිකාව විසින් සිවිල් වැසියෙකුට පිරිනමන උසස්ම සම්මානය වන කොංග‍්‍රස් රන් පදක්කම මියන්මාර විපක්ෂ නායිකා අවුන්සාන් සුකීට ප‍්‍රදානය කළා. ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා විසින් මෙම සම්මානය ඊයේ අවුන්සාන් සුකී වෙත පිරිනමනු ලැබුවා. මෙහිදී අවුන්සාන් සුකී, ඇමරිකානු ජනාධිපතිවරයා මුණගැසී විශේෂ සාකච්ඡාවක්ද පවත්වා තිබෙනවා. එහිදී ඇමරිකානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ මියන්මාරයට පනවා ඇති ආර්ථික සම්බාධක ඉවත් කිරීමට කටයුතු කර ඇති බවයි. මෙම අවස්ථාවට ඇමරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන්ද සහභාගි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. මියන්මාර විපක්ෂ නායිකා අවුන්සාන් සුකී ලෝකයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සළකුණක් ලෙසයි සැළකෙන්නේ.
