මිරිදිය මත්ස්‍ය වගාවෙන් 2016 දී රු. මි. 2500 ක ඉලක්කයක්.
2012 සැප්තැම්බර් 20 බ්‍රහස්පතින්දා- පෙරවරු 08:01
මිරිදිය මත්ස්‍ය වගාව තුලින් වසර 2016 දී රුපියල් මිලියන 2300 ත් 2500 ත් අතර මුදලක් ලබාගැනීමට අපේක්ෂා කරන බව ශි‍්‍රී ලංකා ජල ජීවී මත්ස්‍ය සංවර්ධන අධිකාරිය පවසනවා. මෙහිදී මිරිදිය මත්ස්‍ය වගාව මෙන්ම විසිතුරු මත්ස්‍ය වගාව ප‍්‍රවර්ධනය සඳහා ජනාධිපතිවරයාගේ මග පෙන්වීම යටතේ ඉදිරියේදී කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි ශ‍්‍රී ලංකා ජලජීවී මත්ස්‍ය සංවර්ධන අධිකාරිය සඳහන් කළේ. මෙහිදී යෝජනා ක‍්‍රම දෙකක් යටතේ ගොවීන්ට ණය ලබාදීමට නියමිතයි. ක්‍ෂෙත‍්‍රයේ නියැලී සිටින ගොවීන්ගේ වගාවන් දියුණු කිරීම සඳහා ද රුපියල් 75000 ක මුදලක් ලබාදීමට අපේක්ෂා කරන බවයි ශ‍්‍රී ලංකා ජලජීවී මත්ස්‍ය සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් කියා සිටියේ.
