උතුරුමැද මහ ඇමති ලෙස එස්.එම්. රංජිත් 24 වැනිදා දිවුරුම් දෙනවා.
2012 සැප්තැම්බර් 20 බ්‍රහස්පතින්දා- පෙරවරු 08:52
උතුරුමැද පළාතෙන් වැඩිම මනාප ප‍්‍රමාණයක් ලබාගත් එස්.එම්. රංජිත් ප‍්‍රධාන අමාත්‍යවරයා ලෙස එළඹෙන 24 වැනිදා පෙරවරුවේ දිවුරුම් දීමට නියමිත බව ඔහුගේ සොහොයුරු හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන පවසනවා. හිරු ප‍්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා කියා සිටියේ තම සහෝදරයාගේ අවශ්‍යතාවය මත පමණක් නොව මෙය උතුරු මැද පළාතේම ජනතාවගේම අවශ්‍යතා මත මෙය සිදුවන බවයි. උතුරු මැද පළාත් සභාවේ ප‍්‍රධාන අමාත්‍ය ධුරය තම සහෝදරයා වූ එස්.එම්. රංජිත්ට පිරිනැමීමේ අවස්ථාව සළසා දීම සඳහා හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන සිය ධුරයෙන්ද ඊයේ ඉල්ලා අස්වුණා.
