මීගහකිවුල - සොලීගල කන්දේ ගින්න තවදුරටත්.
2012 සැප්තැම්බර් 20 බ්‍රහස්පතින්දා- පෙරවරු 11:16
බදුල්ල - මීගහකිවුල, සොලීගල කන්ද ආශ‍්‍රිතව ඊයේ රාත‍්‍රියේ ඇතිවූ ගින්න තවදුරටත් පැතිර යමින් පවතිනවා. ප‍්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ දැනට අක්කර 20 ක පමණ භූමි ප‍්‍රමාණයක් ගින්නෙන් විනාශ වී ඇති බවයි. කළුකැලේ රක්ෂිතයට පහළින් පිහිටා ඇති මෙම ප‍්‍රදේශය ශාක වර්ග සහ කුඩා වන සතුන් බහුලව ගැවසෙන ප‍්‍රදේශයක් ලෙසයි සැළකෙන්නේ. මේ සම්බන්ධයෙන් හිරු ප‍්‍රවෘත්ති අංශය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත‍්‍රික්ක සහකාර අධ්‍යක්‍ෂ ඊ.එම්.එල්. උදයකුමාරගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ ගින්න නිවීම සඳහා නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානය වෙත පිටත්ව ගොස් ඇති බවයි.
