නාවික හමුදා සෙබළුන් 3 ක් අත්අඩංගුවට.
2012 සැප්තැම්බර් 20 බ්‍රහස්පතින්දා- පස්වරු 12:34
පුද්ගලයින් ඕස්ටේ‍්‍රලියාව වෙත ප‍්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් යාත‍්‍රා 5 ක උපකරණ, සොරකම් කරන ලද සැකකරුවන් හතරදෙනෙකු පොලිස් භාරයට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් මෙම පිරිස අතර නාවුක හමුදා සෙබලූන් තුන්දෙනෙකුද සිටින බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළේ. මෙම යාත‍්‍රා අධිකරණ නියෝග මත මෝදර ධීවර වරායේ රඳවා තබා තිබුණා. අත්අඩංගුවට ගත් සැකකරුවන් අද දිනයේදී අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේ.
