ගිරාඳුරුකෝට්ටේ තද සුළඟකින් නිවාස 20 කට හානි.
2012 සැප්තැම්බර් 20 බ්‍රහස්පතින්දා- පස්වරු 02:19
මහියංගනය - ගිරාඳුරුකෝට්ටේ ප‍්‍රදේශයට ඊයේ (19) පස්වරුවේ බලපෑ තද සුළං තත්ත්වයක් හේතුවෙන් නිවාස 20 කට පමණ හානි සිදුවී තිබෙනවා. ප‍්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ අලූයටවෙල සහ තෙල්දෙනිය ආදී ප‍්‍රදේශවලට මෙම සුළං තත්ත්වයෙන් දැඩි ලෙස බලපෑම් එල්ල වී ඇති බවයි. මීට අමතරව ප‍්‍රදේශයේ විදුලිබල පද්ධතියටද හානි සිදුව තිබෙනවා. පීඩාවට පත්වු නිවෙස් හිමියන්ට පහසුකම් සැලසීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කරමින් සිටින බවයි හිරු වාර්තාකරු තවදුරටත් කියා සිටියේ.

ඡයාරූප - චන්දන උඩුවාවල
